අනුරගෙන් දේශපාලන නායකයින්ට අභියෝගයක්

අනුරගෙන් දේශපාලන නායකයින්ට අභියෝගයක්

දේශපාලන වේදිකා හැදුවත්, පක්ෂය වෙනුවෙන් කැන්වසින් ව්‍යාපාරයේ නිරත වුණත් එය රැකියාවක් ලබා ගැනීමට සුදුසු කමක් නොවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

එහි දී අනෙක් දේශපාලන නායකයින්ට අනුර කුමාර දිසානායක අභියෝග කර සිටියේ හැකි නම් එය රැකියාවක් ලබා ගැනීමට සුදුසු කමක් නොවන බව ප්‍රකාශ කරන ලෙසයි

ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන හමුවක් අමතමිනි,

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක,

“අත්තිවාරම දිරලා ඒකේ හයිවේ එක ගැහුවට වැඩක් නෑ, අත්තිවාරම දිරලා ඒකේ පෝට් සිටි ගැහුවට වැඩක් නෑ, ඒ නිසා දේශපාලනික වශයෙන් ඔය ගොල්ලන්ට සහතිකයක් දෙන්නම්, අපි අපේ රටේ අත්තිවාරම ශක්තිමත් කරනවා.

අපි අභියෝග කරනවා ඕනෑම දේශපාලන නායකයෙක්ට, අපෙන් පිට ඉන්න. වේදිකාවට නැගලා එන ජන සමූහය ආමන්ත්‍රණය කරලා කියන්න පුළුවන්නම් ඔබ මාගේ රැස්වීමට ආවට, අපේ පක්ෂය වෙනුවෙන් කැන්වසින් ව්‍යාපාරයේ යෙදුනට රස්සාව ලබා ගැනීමට සුදුසු කමක් නෙවෙයි කියලා. පුළුවන්නම් කියන්න බලන්න, ඒ පොරොන්දුව සහතිකය දෙන්නේ ජාතික ජන බලවේගය විතරයි.” යනුවෙන්