යල කන්නයේ අතිරේක භෝග වගාවට ප්‍රමුඛත්වය

යල කන්නයේ අතිරේක භෝග වගාවට ප්‍රමුඛත්වය

මේ වසරේ යල කන්නයේදී වී වගාවට අමතරව අතිරේක භෝග වගාවට ප්‍රමුඛත්වය ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ සඳහා අවශ්‍ය රසායනික පොහොර හිඟයකින් තොරව ලබාදීමට පියවර ගන්නා බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මහ කන්නයේදී කාබලික පොහොර මිලදී ගැනීම සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 16,000 ක්.

වී වගා කරන හෙක්ටයාරයක් සඳහා රුපියල් විසි දහසක්, හෙක්ටයාර දෙකක් සඳහා රුපියල් 40,000 ක් ලෙස ගොවීන් වෙත මුදල් ලබාගැනීමට පියවර ගැනුනා.

එමෙන්ම කාබනික පොහොර බෙදාහැරීම සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් කමිටු පිහිටුවීමටද පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.