ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් අද දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 81 වැනි වියෙහි පසුවුණා. කුරුණෑගල, නවගත්තේගම ප්‍රදේශයේ උපත ලද කේ.බී.හේරත් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් ඔහු පසුව ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

ස්වතන්ත්‍ර නාට්‍ය 20 කට තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් කේ.බී හේරත් සිය දායකත්වය ලබාදී තිබෙනවා. මායාදේවි, නාගගුරුලා, දෝන කතිරිනා, දෙවැනි මහින්ද, වාසුදේව, යසෝදරා, ජගන්මා, කළු කුමාරි, දොන් ජුවන්, සිරිබෝ තට්ටුව සහ දිවිය ප්‍රේමය යන නාට්‍යවලට මොහු තිරරචනයෙන් සහ නිෂ්පාදනයෙන් දායකත්වය ලබාදෙනු ලැබුවා.