ඉදිරි දින කිහිපයේ දී වැස්ස සැර වෙයි

ඉදිරි දින කිහිපයේ දී වැස්ස සැර වෙයි

අනිද්දා (31) සිට පෙබරවාරි පළමුවනදා දක්වා උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට සිට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර, ඉදිරි පැය විසි හතර තුළ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 – 70 දක්වාත් ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව එම ප්‍රදේශවල ඉදිරි පැය විසි හතර තුළ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

COMMENTS