විදුලි කප්පාදුව දිගටම – ලංවිම PUCSL වෙත දන්වයි

විදුලි කප්පාදුව දිගටම – ලංවිම PUCSL වෙත දන්වයි

සැලසුම් කළ පරිදි දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දන්වා තිබේ.

කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ, මෙම දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් උසස් පෙළ සිසුන් තුන් ලක්ෂ තිස් එක්දහසකගේ මානව හිමිකම් කඩවන බවයි.

මේ අතර, උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වැනි දා දක්වා කාලයේ දී විදුලි කප්පාදුවකට මුහුණ පෑමට සිදු වුව හොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව 077 5 687 387 යන අංකයට වට්සැප් මගින් හෝ 011 2 392 641 දුරකතන අංකයට ෆැක්ස් මගින් පැමිණිලි සිදු කළ හැකියි.