වික්ටෝරියා නූලන්ඩ් ලංකාවට

වික්ටෝරියා නූලන්ඩ් ලංකාවට

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනවාරි 28 සිට පෙබරවාරි 3 දක්වා නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ කටාර් යන රටවල ඇය සංචාරය කරනු ඇති බව ය.

එක්සත් ජනපද – ශ්‍රී ලංකා සබඳතා සඳහා වසර 75ක් සපිරීම සනිටුහන් කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට, මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න සඳහා එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය ලබා දීම එම සංචාරයේ අරමුණ වේ.

COMMENTS