ලංවීමට එරෙහිව PUCSL වේවැල අතට ගයි

ලංවීමට එරෙහිව PUCSL වේවැල අතට ගයි

උසස් පෙළ සමයේ විදුලිය කප්පාදුව නතර කරන්නැයි තම කොමිසම දුන් නිර්දේශය කඩ කරමින් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, විදුලිබල පනත අනුව එම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වන දා දක්වා කාලයේ දී විදුලි කප්පාදුවකට මුහුණ පෑමට සිදුවුවහොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ මෙම පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව 077 5 687 387 යන අංකයට වට්ස්ඇප් මගින් හෝ 011 2 392 641 දුරකතන අංකයට ෆැක්ස් මගින් පැමිණිලි සිදු කළ හැකියි.

මීට අමතරව consumers@pucsl.gov.lk යන විද්‍යුත් තැපැල ඔස්සේ ද පැමිණිලි යොමු කර හැකි බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර උසස් පෙළ විභාගය අවසන්වන පෙබරවාරි මස 17 වනදා තෙක් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට පැමිණි එකඟතාවට අදාළ විධානය පැහැරහැරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

එම නඩු පැවරීමට අදාළ සහතික ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකළ බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සඳහන් කළේ.

නඩුවේ වගඋත්තතරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම්කර ඇති බව සඳහන්.