අදත් වැස්ස දෙයි වැඩේ

අදත් වැස්ස දෙයි වැඩේ

අද (27) නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විටවැසි ඇති වෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

තවද, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

COMMENTS