ආචාර්ය සුමිත්‍රා පීරිස් දිවි ගමනට සමුදෙයි

ආචාර්ය සුමිත්‍රා පීරිස් දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය, අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඇය 88 හැවිරිදි වියේ පසුවිය.

ඇය ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි.

1935 මාර්තු 24 දින මෙලොව එළිය දුටු සුමිත්‍රා පීරිස් ශ්‍රී ලාංකීය සිනමාවේ සිටින විශිෂ්ඨ අධ්‍යක්ෂකවරියකි. 1990 දශකයේ අගභාගයේදී ඇය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරමින් මහඟු සේවයක් ඉටු කළාය.

ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද මහත් ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටය වනුයේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයයි.
සුමිත්‍රා පීරිස් මෙලොව එළිය දුටුවේ සුමිත්‍රා ගුණවර්ධන නමිනි. ඇය උපත ලැබුවේ ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට මාක්ස්වාදී චරිතයක් වන බොරලුගොඩ ගුණවර්ධනයන්ට ඥාතීත්වය දරන පවුලකය.

ඇයගේ පියා හෙන්රි ගුණවර්ධන (හැරී ගුණවර්ධන) වූ අතර ඔහු අවිස්සාවේල්ල ප්‍රදේශයේ නිතීඥයෙකු ලෙස කටයුතු කළේය. ඇයගේ මව වූ හැරියට් වික්‍රමසිංහ සාමාන්‍ය මධ්‍යම පාන්තික කාන්තාවක් වූවාය. සුමිත්‍රා පීරිස්ගේ ඥාතීන් තිදෙනෙක් වන දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන සහ ප්‍රසන්න ගුණවර්ධන ලාංකීය ක්‍රියාකාරී දේශපාලනයේ අදටත් කටයුතු කරමින් සිටී.

සුමිත්‍රා ඉගෙනීම ආරම්භ කළේ අවිස්සාවේල්ලේදීය. පසු කලෙක ඇය කොළඹ විශාකා විද්‍යාලයට ඇතුලත් වුවාය. ඇය ලන්ඩන් උසස් පෙළ විභාගය සඳහා ඉගෙනුම ලැබුවේ කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයෙනි.
1964 ජුනි 19 වනදා ඕල් සේන්ට්ස් (All Saints) දේවස්ථානයේ දී සුමිතා පීරිස් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ විවාහ වුවාය.

සිනමා දායකත්වය :
සංස්කරණයන් – 1968 ගම්පෙරළිය, 1967 දෙලොවක් අතර, 1971 බක්මහ දීගේ, 1976 මඩොල් දූව, 1978 අහසින් පොළොවට, 1980 ගඟ අද්දර.
අධ්‍යක්‍ෂණයන් – 1978 ගැහැනු ළමයි, 1980 ගඟ අද්දර, 1982 යහළු යෙහෙළි, 1984 මායා, 1988 සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, 1996 ලොකු දුව, 1997 දුවට මවක මිස, 2003 සක්මන් මළුව, 2009 යහළුවෝ.
නිෂ්පාදනයන් – 1975 දෑස නිසා

සම්මාන – අන්තර්ජාතික සම්මාන :
Carthage International Film Festival – Gehenu Lamai – Diploma of Merit. shared the jury award with Mirinal Sen of India – 1978
London Film Festival – Gehenu Lamai – Outstanding Film of the Year – 1978
South Asian Film Festival in Tokyo Japan – Ganga Addara – Diploma Moscow International Film Festival – Yahalu Yeheli – Diploma 1984 purchased by a German television channel in 1986
Filmex International Film Festival – Los Angeles – Yahalu Yeheli – Diploma – 1985
Tokyo International Film Festival – Sagara Jalaya – One of the Ten Best Films purchased by a Japanese television station
Nantes International Film Festival – Loku Duwa – Diploma – 1993
Fukuoka International Film Festival – Loku Duwa – 1994
London Film Festival – Duwata Mawaka Misa – Diploma – 1998
International Film Festival – India – Duwata Mawaka Misa – 1998
Fukuoka International Film Festival – Duwata Mawaka Misa – 1998
Golden Lotus – Deauville Award for “Contribution to Asian Cinema” – 2001

ජනාධිපති සම්මාන :
හොඳම සංස්කරණය – අහසින් පොළොවට – 1979
හොඳම සංස්කරණය – ගඟ අද්දර – 1981
හොඳම අධ්‍යක්ෂණය – ගඟ අද්දර – 1981
හොඳම අධ්‍යක්ෂණය – යහළු යෙහෙළි – 1983
හොඳම අධ්‍යක්ෂණය – ලොකු දුව – 1997
හොඳම අධ්‍යක්ෂණය – දුවට මවක මිස – 1998

සරසවිය සම්මාන :
හොඳම සංස්කරණය – ගම්පෙරළිය – 1964
හොඳම සංස්කරණය – දෙලොවක් අතර – 1967
හොඳම අධ්‍යක්ෂණය – ගඟ අද්දර – 1981
හොඳම අධ්‍යක්ෂණය – මායා – 1985
හොඳම අධ්‍යක්ෂණය – සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා – 1989

සිග්නිස් (ඕ.සී.අයි.සී) සම්මාන :
හොඳම සංස්කරණය – අහසින් පොළොවට – 1979
හොඳම අධ්‍යක්ෂණය – ගැහැනු ළමයි – 1979
හොඳම අධ්‍යක්ෂණය – යහළු යෙහෙළි – 1983
හොඳම අධ්‍යක්ෂණය – සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා – 1989

වෙනත් :
Best Editor – Bakmaha Deege – Critics Awards – 1971
Swarna Sanka Awards – 1998
Best Director – Rana Thisara Lifetime Achievement Award – 1993
Best Director – Zonta Arthur C Clark Award for Communication – 1998