ඖෂධ හිඟයෙන් රෝගීන් පීඩාවට

ඖෂධ හිඟයෙන් රෝගීන් පීඩාවට

දිවයින පුරා රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් සායනික රෝගීන් මරණයට පත්වීම ද දිනෙන් දින ඉහළ යන බවයි.

පිළිකා ඖෂධ වර්ග බොහෝ ප්‍රමාණයක් මෙන්ම තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක් රෝහල්වල නොමැති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලට ඖෂධ ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් ඖෂධ නොමැතිකමින් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයටයි.

රෝහල්වල පවතින ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සේවක පිරිස රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක ද නිරත වී තිබුණා.