වෛරස් උණ මාරාන්තික විය හැකියි – හිතුමතේ බෙහෙත් බොන්නත් එපා

වෛරස් උණ මාරාන්තික විය හැකියි – හිතුමතේ බෙහෙත් බොන්නත් එපා

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරනවා.

එම හේතුවෙන් වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, ඖෂධ හිතුමතේ නොගෙන සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වන ලෙසයි.

මේ අතර ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසා සිටියේ, මෙම උණ රෝගී තත්ත්වය විශේෂයෙන් ගර්භණී සහ වයස්ගත පුද්ගලයින් ට මාරාන්තික තත්ත්වයක් වුවත් ඇති කළ හැකි බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“දැනට මාස දෙක තුනක් තිස්සේ බොහෝදෙනක් උණ රෝගයෙන් පෙළෙනවා. ශ්වසන පද්ධතියේ ඇති වෙන්නා වූ ආසාදනයක් විදියට දකින්න පුළුවන්. මේක සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි දැනට පැතිරී යන වෛරස් එකක්. ඒ වෛරසය අපි හඳුනාගෙන නොමැති වුණත් අපි හිතනවා ඒක ඉන්ෆ්ලුවෙන්සා එක් ප්‍රභේදයක් කියලා. නමුත් බොහෝ රෝගීන් මෙම වෛරස් රෝගය දවස් දෙක තුනකින් සුව වුණත් ඊට පසුව දීර්ඝ කාලීනව පවතින කැස්සකට ලක්වෙනවා. ශරීරය විසින් මේ වෛරසය මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කරන ප්‍රතිදේහ සහ ඒවා ක්‍රියාත්මක වීම නිසා පෙනහළුවල තියෙන නාල කුඩා වීමක් සිදුවෙනවා. සීතලට ලක්වුණොත් නැත්නම් රාත්‍රී කාලයේ දී මේ සීතලට ලක්වූ නාල තුළින් වාතය ගමන් කිරීම මදක් අපහසුයි. එතකොට ඔබට හුස්ම ගැනීම අපහසු වෙනවා. හතිය වගේ රෝග ලක්ෂණයක් එන්න පුළුවන්.

ඉතාමත් වැදගත් දේ තමා අපි හිතමු ගර්භණී මාතාවක් එහෙම නැත්නම් වයසක අවුරුදු 70, 80 හෝ 90ක කෙනෙකුට මේ වෛරසය ඇතුළු වුණොත් වකුගඩු අක්‍රීය තත්ත්වයෙන් පෙළෙන රෝගියෙකුට මේ වෛරසය ඇතුළු වුණොත් ඒ තත්ත්වය මාරාන්තික තත්ත්වයක් දක්වා යන්න පුළුවන්.” යනුවෙන්