දකුණ, උතුරට පරදී

දකුණ, උතුරට පරදී

LPL පළමු තරගයේ කාසියේ වාසිය දිනු Galle Gladiators ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහර දුන් Jaffna Kings ලකුණු 137 කට සීමා වුනා. දුනිත් වෙල්ලාලගේ සහ ෂොයිබ් මලික් ලකුණු 30 බැගින් ලබා ගත්තා. පන්දුවෙන් දස්කම් දැක්වූ වහබ් රියාස්, ඉමාඩ් වසීම්, නුවන් තුෂාර, නුවන් ප්‍රදීප් හා ඉෆ්තිකා අහමඩ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ලෙස Galle Gladiators පන්දු වාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 113යි. කුසල් මෙන්ඩිස් ලකුණු 51යි. බිනුර ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්තා. විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2යි. ඒ අනුව ලකුණු 24 ක ජයක් Jaffna Kings ට හිමි වුනා.

අද දවසේ දෙවන තරඟය Colombo stars හා Kandy Falcons අතර මේ වන විට පැවැත්වෙනවා.

COMMENTS