ඩීසල් මිල බැස්සුවත් බස් ගාස්තු මිල බස්සන්න බෑ – ගැමුණු

ඩීසල් මිල බැස්සුවත් බස් ගාස්තු මිල බස්සන්න බෑ – ගැමුණු

ඩීසල් මිල රුපියල් 10කින් අඩු වුවත් මේ මොහොතේ දී බස් ගාස්තු සංශෝධනයක් සිදු නො කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහත දැමුණු අතර, ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 420ක්.

කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන මිල ගණන් වල සංශෝධනයක් සිදු වූයේ නැහැ.

ඩීසල් මිල රුපියල් 10කින් අඩු වුණ ද එය බස් ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවයි ලංකා පෞද්ගලික් බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.