කෝච්චි පිට පනින එක නවත්වන්න ඉන්දියාවෙන් ණයක් ගන්න යයි

කෝච්චි පිට පනින එක නවත්වන්න ඉන්දියාවෙන් ණයක් ගන්න යයි

දුම්රිය මාර්ග පද්ධතිය යළි සකස් කිරීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.‍

“මේවායේ වේග සීමාවන් 20 30ට දාලා තියෙන්නේ අවුරුදු 10,20,30,40 පරණ පීලි තියෙනවා. පීලි පනිනවා. අනතුරු ඇතිවෙනවා මේක වෙලාවට ධාවනය කර ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒවා කාර්යක්ෂම කරන්න අපි ඉන්දියාවෙන් ඉන්දියාණු ණය යෝජනා ක්‍රමයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම අපි පුද්ගලික ආයෝජකයන්ට ආදායම් මාර්ග ලබා ගැනීම සඳහා වණිජ ක්‍රමවේද පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා.”

පසුගිය කාලපරිච්ඡේදය තුළ දුම්රිය දෙපාර්තමේන්තුව වර්ෂයකට බිලියන 10 බැගින් අලාභ ලබා ඇති බව බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

“ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බිලියන 1ට වඩා වැඩි ආදායමක් මාසෙකට දැන් දුම්රිය දෙපාර්තමේන්තුව සොයනවා. හැබැයි එයින් තාම පියව ගන්නට පුළුවන් ඉන්ධන සඳහා වන වියදම පමණයි.” යනුවෙන්

COMMENTS