මහින්දානන්ද දැන් රනිල් ගැන කියන කතාව

මහින්දානන්ද දැන් රනිල් ගැන කියන කතාව

රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා වීමෙන් පසු අධික ලෙස මිල ඉහළ ගොස් තිබුණු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල මේ වන විට අඩු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

අලුත්ගමගේ මේ බව කියා සිටියේ, නාවලපිටිය ආසන්නයේ වැලිගම්පොළ ප්‍රදේශයේදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ (04) පැවති ජන හමුවකදී ය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනපති වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරීමට හෝ එම පක්ෂයේ සමාජිකත්වය ඉහළ දැමීමට කටයුතු නොකර රටේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීමට පියවර ගනිමින් සිටින බව ඔහු පැවසීය.

අලුත්ගමගේ කියා සිටියේ, රටේ පැවති ගෑස් සහ ඉන්ධන පෝලිම් නැති කළ බව ත් ඉදිරි වසර 2 ½ තුළ රටේ පවතින ආර්ථික තත්ත්වය ඉහළ දැමීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගන්නා බව ය.