ටයිසන්ට යළිත් බොක්සිං කිරුළ

ටයිසන්ට යළිත් බොක්සිං කිරුළ

ලෝක ‌බොක්සිං කවුන්සිල හෙවිවේට් ශූරතාව දිනා ගැනීමට බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරි සමත්විය. ඒ් අඛණ්ඩ සිව්වැනි වතාවටයි.

ඒ් වෙනුවෙන් පැවති තරගයෙන් බ්‍රිතාන්‍යයේ ඩෙරික් චිසෝරා තාක්ෂණික නොකවුට් පරාජයකට ලක්කිරිමට ෆියුරි සමත්විය. පෙරේදා (03දා) බ්‍රිතාන්‍යයේ ටොටෙන්හැම් හිදී පැවති තරගයේදී චිසෝරා, ෆියුරිගේ දැඩි ප්‍රහාරයට ලක්වූ අතර ඒ හේතුව නිසාම තරගය දසවැනි වටයේදි නවත්වා ෆියුරිට ජයග්‍රහණය පිරිනැමීමට විනිසුරුවන් ක්‍රියා කලේය.

මේ වසරේ පෙබරවාරි මසදී ඇමරිකාවේ ඩියොන්ටේ විල්ඩර් පරදා ෆියුරි මෙම ශූරතාව හිමිකර ගත්තේය. ඔහු මේ වන විට ලෝක බොක්සිං කවුන්සිල හෙවිවේට් ශූරතාව මෙන්ම ‘ද රින්ග්’ හෙවිවේට් බොක්සිං ශූරතාවද හොබවනු ලබයි.

https://yhoo.it/3He24Rd

COMMENTS