වෛරස් උණෙන් දෛනිකව ළමුන් 60 ත් 70ක සංඛ්‍යාවක් ළමා රෝහලට

වෛරස් උණෙන් දෛනිකව ළමුන් 60 ත් 70ක සංඛ්‍යාවක් ළමා රෝහලට

වෛරස් උණ රෝගය වැළඳීම හේතුවෙන් දෛනිකව ළමුන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත වනබව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසු‍වේ,ඒ අතර ඩෙංගු රෝගීන්ද වන බවයි.

වෛරස් උණ, ඩෙංගු සහ කොරෝනා යන රෝග තුනම මේ වනවිට සමාජය තුළ ව්‍යාප්තව පවතින බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද ඔහු පැවසුවේ ය