ඇමෙරිකාව නැත්නම් යුරෝපයක් නෑ – සාන්නා මරින්

ඇමෙරිකාව නැත්නම් යුරෝපයක් නෑ – සාන්නා මරින්

ඇමෙරිකාවේ දායකත්වයකින් තොරව යුරෝපය ශක්තිමත් නොවන බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සාන්නා මරින් පවසනවා.
මේ දිනවල ඔස්ට්‍රේලියාවේ නිල සංචාරය යෙදී සිටින අතරතුරදීයි ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

රුසියාව සමඟ ආර්ථිකමය හෝ යුදමය වශයෙන් ගැටීමට යුරෝපයට ප්‍රමාණවත් ශක්තියක් නොමැති බවයි, ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයි පවසන්නේ.

මේ වනවිට යුක්‍රේනයේ ප්‍රධාන අවි සපයන්නා ලෙස කටයුතු කරන්නේ අමෙරිකාවයි. පසුගිය පෙබරවාරි මාසයේ රුසියානු – යුක්‍රේන ගැටුම ආරම්භ වූ දින සිට මේ දක්වා අමෙරිකාව ඩොලර් බිලියන 18කට අධික යුද ආධාර යුක්‍රේනයට ලබා දී තිබෙනවා.
එමෙන්ම යුරෝපානු සංගමය, බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් යුක්‍රේනයට ඩොලර් බිලියන ගණනින් යුද ආධාර සපයා තිබෙනවා. අමෙරිකාව යුක්‍රේනයට යුද හා මූල්‍ය ආධාර, මෙන්ම මානුෂීය ආධාර විශාල ප්‍රමාණයක් ලබා දී ඇති නමුත්, එය ප්‍රමාණවත් නොමැති බවයි, සාන්නා මරින් අවධාරණය කරන්නේ‍.

මෑත දශක කිහිපය තුළ ඇතැම් යුරෝපීය රටවල් රුසියාව සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීමට උත්සහ දැරීමද ඇය දැඩි ලෙස විවේචනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

https://bbc.in/3FmUjXJ