රුපියල තවත් බාල්දු වෙයි

රුපියල තවත් බාල්දු වෙයි

විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (02) දිනයේ දී තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ඕස්ට්‍රේලියානු සහ සිංගප්පූරු ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම සහ ස්විස් ෆ්‍රෑන්ක් වලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.

කෙසේ වෙතත්, රුපියල කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රු. 371.72 කි.