බලධාරීන් අහක බලද්දී “රජා මං වහලා” නාට්‍ය නේපාලෙට යයි

බලධාරීන් අහක බලද්දී  “රජා මං වහලා” නාට්‍ය නේපාලෙට යයි

මේ වසරේ නේපාල අන්තර් ජාතික නාට්‍ය උළෙලේ ශ්‍රී ලාංකීය නියෝජනය විදිහට චාමික හත්ලහවත්තගෙ “රජා මං වහලා” වේදිකා නාට්‍ය තෝරාගෙන තිබෙනවා.

ඒ සඳහා රංගනයෙන් දායක වෙන කලාකරුවන් පසුගිය දා නේපාලය පැවැත්වෙන එම නාට්‍ය උළෙල සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කත්මණ්ඩු නුවරට ළඟා වුණු පසු මෙම නාට්‍ය කණ්ඩායමට එහිදී උණුසුම් පිළිගැනීමක්ද ලැබී තිබෙනවා.

ඒ් මෙම නාට්‍ය කණ්ඩායම අදාළ නාට්‍ය උළෙලට යාම සඳහා රජයෙන් යම් අනුග්‍රහයක් ඉල්ලා තිබුණු අතර එයට යහපත් ප්‍රතිචාරයක් සංස්කෘතික අමාත්‍යංශ‌යෙන් නොලැබීමත් සමඟ මෙම නාට්‍ය පසුගිය කාල සීමාවේදී රටේම දැඩි කතාබහට ලක්වුණා.

ප්‍රවීණ නාට්‍යවේදී චාමික හත්ලහවත්ත අධ්‍යක්ෂණය කළ රජා මං වහලා වේදිකා නාට්‍ය 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය නිෂ්පාදනය ඇතුළු සම්මාන රැසක් දිනාගනු ලැබුවා.