රාජ්‍ය සේවකයින්ට ගෙදර ළඟටම මාරුවක්

රාජ්‍ය සේවකයින්ට ගෙදර ළඟටම මාරුවක්

රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබේ.

පවතින ආර්ථික ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, අදාළ පාර්ශව සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවය.

ණය පොළී අනුපාත ඉහළ ගොස් තිබෙන බැවින් වාරික මුදල් ගෙවාගත නොහැකිවීමේ සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමෙන් වැඩි මුදලක් වියදම් කර බස් රථවලින් රාජකාරියට ගොස් ජීවත්විය නොහැකි වීමේ ගැටලුවකට රාජ්‍ය සේවකයන් මුහුණ දී සිටින බව අකිල විරාජ් කාරියවසම් පැවසීය.

මේ සම්බන්ධව මහ බැංකුව ඇතුළු රජයේ ආයතනවල අවධානය යොමුවිය යුතු බව පැවසූ හෙතෙම, රාජ්‍ය සේවකයන්ට නිවසකට ආසන්න කාර්යාලයක් ලබා දීම සඳහා නිශ්චිත කාලයක් තුළ වැඩපිළිවෙළක් සකස් කරන බව සඳහන් කළේ ය.

මෙම වැඩසටහන සකස් කළ යුතු ආකාරය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක සමරතුංග තමන් සමඟ පෞද්ගලිකව සාකච්ඡා කළ බව ද ඔහු කීවේ ය.