මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව නිදහස්

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව නිදහස්

ජපන් ජාතිකයෙකුගෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 06 ක මුදලක් වංචා කර බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් 03 දෙනා නිදහස් කර තිබෙනවා.

ඒ අනුව ඩිලන්ත මාලගමුව, ඥානදීපන් ශිවජෝති සහ සංජුල බණ්ඩාර යන විත්තිකරුවන් තුන්දෙනා මෙම නඩුවෙන් නිදහස් කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

2015 වසරේදී පවරා තිබූ මෙම නඩුවට අදාළ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන ජොසුක්සි හයාසි නමැත්තා නඩු පවරා වසර 07 ක කාලයක් ගතවී ඇතත් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිට නැහැ.

ඒ සම්බන්ධයෙන් අවදානය යොමුකල විනිසුරුවරයා, විත්තියේ නීතිඥ ජීවන්ත ජයතිලක කළ ඉල්ලීම පිළිගනිමිනුයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.