නිදහස් පක්ෂයෙන් ඉවත් කළ මන්ත්‍රීවරුන් සහ රනිල් අතර හදිසි හමුවක්

නිදහස් පක්ෂයෙන් ඉවත් කළ මන්ත්‍රීවරුන් සහ රනිල් අතර හදිසි හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ කැඳවීමකට අනුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙම සාකච්ඡාව සඳහා එක්ව ඇත්තේ.

පක්ෂයේ තීරණයට පටහැනිව අමාත්‍ය ධුර ලබාගත් බවට චෝදනා කරමින් 8 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළේ.

ඊට අමතරව ජාතික සංවිධායක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට එරෙහිව විනය පියවර ගැනීමට ද තීරණය කළා.

COMMENTS