ඩයනාව බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්නැයි ඉල්ලා චාල්ස් රජුට ලිපියක්

ඩයනාව බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්නැයි ඉල්ලා චාල්ස් රජුට ලිපියක්

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, කඩිනමින් මන්ත්‍රිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් ඉල්ලමින්, ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ මන්ත්‍රීවරියගේ ද්විත්ව පුරවැසිභාවය සහ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අධිකරණයෙහි නඩු පැවරූ ඕෂල හේරත් සහ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ විසින්.

ඔවුන් සඳහන් කළේ, සිය ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවයක් සහිත ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ නීතිවිරෝධීව බවයි.

එහෙයින් ඇයව බ්‍රිතාන්‍යයට යළි ගෙන්වාගන්නා ලෙසයි ඔවුන් මෙම ලිපිය මගින් චාල්ස් රජුගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ ලිපිය ඔවුන් විසින් අද (28) දිනයේ දී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙතා භාර දුන්නා.

ඩයනා ගමගේ යනු සංචාරක වීසා මත වසරක කාලයක ශ්‍රී ලංකාවට ආ අයෙකු බවත්, පසුව ව්‍යාජ හැඳුනුම්පත් සහ ගුවන් ගමන් බලපත්‍ර සාදා මෙරට නීතිවිරෝධීව රැඳී සිටින බවයි.

COMMENTS