ඩයනාගේ ද්විත්ව පුරවැසිභාවය විභාගයට

ඩයනාගේ ද්විත්ව පුරවැසිභාවය විභාගයට

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ ද්විත්ව පුරවැසිභාවයට එරෙහි පෙත්සම විභාගයට අවසර හිමිව තිබෙනවා.

ඒ අනුව ඇයගේ පර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් අද (28) අවසර හිමිගන්වනු ලැබුවා.

එමෙන්ම ඇයගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ආගමන විගමන පාලකවරයාට අධිකරණයෙන් දැනුම්දී තිබෙනවා.