ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර ලංකාව 6වන තැනට

ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර ලංකාව 6වන තැනට

ශ්‍රී ලංකාව ලොව ඉහළම ආහාර උද්ධමනයක් සහිත රටවල් අතර හයවන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ ලෝක බැංකුව විසින් ලොව ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මෙම නොවැම්බර් මාසයට අදාළව නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුවයි.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 86ක්. ලොව දරුණුම ආහාර උද්ධමනය සහිත රට වන්නේ සිම්බාබ්වේ වන අතර එහි උද්ධමන අගය සියයට 321ක්. ලෙබනනය සහ වෙනිසියුලාවේ ද ආහාර උද්ධමනය සියයට සියය ඉක්මවා ඇති අතර එම අගයන් පිළිවෙළින් සියයට 208ක් සහ සියයට 158ක්.

මෙම රටවල් තුනට අමතරව ශ්‍රී ලංකාවට වඩා වැඩි ආහාර උද්ධමනයක් සහිත රටවල් ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ තුර්කිය සහ ආර්ජන්ටිනාවයි.

එම රටවල් දෙකෙහි ආහාර උද්ධමනය සියයට 99ක් සහ 87ක් ලෙස දැක්වෙනවා.

ආහාර උද්ධමන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සුරිනාම්, රුවන්ඩා සහ ඉරානය වැනි රටවලට වඩා නරක මට්ටමක පවතින බව නිරීක්ෂණය වේ.