අයිස් මාරයා පාසල් සහ, විශ්වවිද්‍යාල සිසුන් අතර – මානසික රෝගීන්ගෙත් වැඩි වීමක්

අයිස් මාරයා පාසල් සහ, විශ්වවිද්‍යාල සිසුන් අතර – මානසික රෝගීන්ගෙත් වැඩි වීමක්

අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් ඇතිවන මානසික රෝග තත්වයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසනවා.

එමෙන්ම පාසල්, විවිධ ආයතන හා විශ්වවිද්‍යාල සිසුන් අතර ද අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර අයිස් ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඕනෑ ම පුද්ගලයකුට මරණ දණ්ඩනය පැනවීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී ඇති බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පසුගිය දා පැවසුවා.

ඒ අනුව 2022 අංක 41 දරන වස විස, අබිං සහ අන්තරායකර ඖෂධ (සංශෝධන) පනත යටතේ, අධිකරණය වෙත ඊට අදාළ බලතල පවරා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.