වෙළඳ හිඟය අඩු වෙලා

වෙළඳ හිඟය අඩු වෙලා

ආනයන වියදම් සැලකිය යුතු ලෙස පහළ යාම හේතුවෙන් මේ වසරේ ඔක්තෝම්බර් මාසයෙන් අවසන් වූ මාස 10 සඳහා වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කලේ අපනයන ඉපයීම් ඉහළ යාම සහ විදේශ විනිමය හිඟය මධ්‍යයේ ආනයන සඳහා ඇති ඉල්ලුම සීමා කිරීමට ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මීට හේතුවී ඇති බවයි.

එසේම, විදේශ රැකියා සඳහා පිටත්වීම් ඉහළ යාමත් සමඟ ඉදිරි කාලයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යනු ඇතැයි මහබැංකුව අපේක්ෂා කරනවා.