විමල්ලාගේ උත්තර ලංකා සභාගයේ වේදිකාවකට ප්‍රහාරයක්

විමල්ලාගේ උත්තර ලංකා සභාගයේ වේදිකාවකට ප්‍රහාරයක්

උත්තර ලංකා සභාගයේ නුවරඑළිය සම්ප්‍රාප්තිය නමින් සම්මන්ත්‍රණයක් අද (27) හඟුරන්කෙත සංස්කෘතික මධ්‍යස්ථානයේදී සංවිධාන කර තිබුණි.

කෙසේවෙතත් එම සම්මන්ත්‍රණය සඳහා සූදානම් කර තිබූ ශාලාව වෙත අද අලුයම පැමිණි කිසියම් පුද්ගලයෙක් එහි තිබු පුවරු බිම දමා විනාශ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් උත්තර ලංකා සභාගයේ සංවිධායකවරුන් හඟුරන්කෙත පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ සොහොයුරා වන සමගි ජන බලවේගයේ හඟුරන්කෙත සංවිධායක ජයලත් දිසානායක මෙලෙස පැමිණ පුවරු විනාශ කර තිබූ බවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් පෙර සූදානම් කර තිබූ ආකාරයෙන්ම අද රැස්වීම පැවැත්වුණේ උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර උත්තර ලංකා සභාගයේ සමුළුව පැවත්වීමට ඉදිකර තිබූ වේදිකාවට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායකගේ සොහොයුරා වන සමඟි ජන බලවේගයේ හඟුරන්කෙත සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක ප්‍රතික්ෂේප කරනවා.

මෙම රැස්වීම පැවැත්වීමට සූදානම් කර තිබූ ස්ථානයට කිසියම් පිරිසක් හානිකර එහි සිටි පුද්ගලයින්ට පහරදී තිබුණේ අද අලුයමයි.

සිද්ධියෙන් තුවාල ලැබූ අයෙකු හඟුරන්කෙත රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස කියා සිටියේ මෙම ප්‍රහාරය සමඟි ජනබලවේගයේ හඟුරන්කෙත සංවිධායක ජයලත් දිසානායක සිදුකළ බවයි.

මේ සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත්දි සානායකගේ නිවසට අද ගොස් තිබෙනවා. එහෙත් ඔහු එම අවස්ථාවේ නිවසේ සිට නොමැති බවයි වාර්තා වෙන්නේ.

COMMENTS