යාලේ පිස්සු නැටූ සෙසු සැකකරුවන් දෙදෙනා අල්ලන්න නියෝග

යාලේ පිස්සු නැටූ සෙසු සැකකරුවන් දෙදෙනා අල්ලන්න නියෝග

යාල වනෝද්‍යානයේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් දෙදෙනා සහ වාහන වහාම අත්අඩංගුවට ගන්නැයි වනජීවි හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී නිලධාරින්ට නියෝග කර තිබෙනවා.

ඒ, එම වනෝද්‍යානයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින්.

මෙහිදී වනජීවී නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම්දී ඇත්තේ මේ වනවිටත් සැකකරුවන් සහ වාහන 07 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

පසුගියදා යාල වනෝද්‍යානයට ඩිෆෙන්ඩර් සහ කැබ් රථවලින් ඇතුලු වූ පිරිසක් නීතිවිරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වනජීවි හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී නිලධාරින්ට නියෝග කර ඇත්තේ.