කොවිඩ් යළිත් හිස ඔසවයි

කොවිඩ් යළිත් හිස ඔසවයි

චීනයේ යළිත් කොවිඩ් රැල්ලක් නිර්මාණය වී තිබෙනවා.

එරට සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය පුරාම දෛනිකව කොවිඩ් 19 ආසාදිතයින් විසිදහස ඉක්මවා එරටින් වාර්තා වන බවයි.

වසංගතය ආරම්භ වීමෙන් පසු චීනයේ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා වුණා. එම සංඛ්‍යාව ආසාදිතයන් 31,257 දෙනෙක් ලෙසයි දැක්වුණේ.

මීට පෙර දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණනක් වාර්තා වුණේ පසුගිය අප්‍රේල් මාසයේ වන අතර එහිදී රෝගීන්ගේ උපරිමය 28,000 ඉක්මවා ගොස් තිබුණේ නැහැ.

බීජිං අගනුවර මෙන්ම වානිජ කේන්ද්‍රස්ථානය වන ගුවැන්ෂු ඇතුලු ප්‍රධාන නගර රැසක මේ වනවිට කොවිඩ් 19 දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

වසංගතය ආරම්භ වූ දා සිට චීනයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව කොවිඩ් 19 ආසාදිතව 5200කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි සඳහන්.

https://bit.ly/3u4FjHI

COMMENTS