HIV ආසාදිතයින්ගේ වැඩිවීමක්

HIV ආසාදිතයින්ගේ වැඩිවීමක්

පසුගිය වසරේ ගත වූ මාස 9ට සාපේක්ෂව මේ වසරේදී ගත වූ මාස 9 තුළ දී HIV ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ පසුගිය මාස 9 තුලදී ආසාදිතයින් 410 ක් වාර්තා වූ අතර මේ වසරේ ගත වූ මාස 9 තුලදී ආසාදිතයින් 429 ක් වාර්තා වී ඇති බවයි.