ජනප්‍රිය පොප් ගායකයෙකුට වසර 13ක සිරදඬුවමක්

ජනප්‍රිය පොප් ගායකයෙකුට වසර 13ක සිරදඬුවමක්

ජනප්‍රිය චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතික පොප් ගායක ක්‍රිස් වූ හට වසර 13 ක සිරදඬුවමක් නියම වී තිබෙනවා.

ඒ කාන්තාවන් 3 දෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවකට අදාළවයි.

වයස අවුරුදු 17 ක පාසල් සිසුවියක් පසුගිය වසරේ ක්‍රිස් වූ විසින් තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබුණා.

ඒ අනුව, ඒ පිළිබඳ දැඩි කතාබහකට ලක්වූ අතර, ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ වෙතත්, එම සිද්ධියට අදාළව ක්‍රිස් වූ පසුගිය වසරේදී අත්අඩංගුවට ගැණුනු අතර, එම සිදුවීමත් සමග ඔහු සන්නාම තානාපති ලෙස පෙනී සිටි චීනයේ සමාගම් ගණනාවක් සිය ගිවිසුම් අත්හිටුවීමටයි පියවර ගනු ලැබුවේ.

https://bit.ly/3XwXbZf

COMMENTS