හොරට ලේබල් ගැසූ මත්පැන් බෝතල් ලක්ෂ ගණනක් වෙළෙඳපොලේ

හොරට ලේබල් ගැසූ මත්පැන් බෝතල් ලක්ෂ ගණනක් වෙළෙඳපොලේ

මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්ෂක ස්ටිකරය ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ හෙළිදරව්වක් කළා.

ඔහු කියා සිටියේ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් ලක්ෂ ගණනක් මේ වන විටත් වෙළඳපොළ තුළ ඇති බවයි.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, මෙම වංචාකාරී ආරක්ෂක ස්ටිකර් මුද්‍රණය කිරීමේ ජාවාරම පිටුපස ඇතැම් මත්පැන් නිෂ්පාදකයින් සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ සුරාබදු නිලධාරීන් සිටින බවයි.

එහි දී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම මත්පැන් බෝතල් මත අලවනු ලබන ස්ටිකර් ව්‍යාජ ඒවා වන බැවින්, ඒවා ස්කෑන් කිරීමට බැරිවන ආකාරයෙන් මත්පැන් බෝතල් මූඩි මත අලවන බවයි.

එබැවින් ව්‍යාජ මත්පැන් බෝතලයකින් නියම මත්පැන් බෝතලයක් හඳුනා ගැනීමට පාරිභෝගිකයන්ට ක්‍රමවේදයක් නැති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මෙම වංචාව මගින් රටට හිමි විය යුතු විශාල බදු ආදායමක් නැති වී යන බව ද මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවේ දී කියා සිටියා