සචිනි චෙස් වලින් ලෝකඩ දිනයි

සචිනි චෙස් වලින් ලෝකඩ දිනයි

පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලියේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සචිනි රණසිංහ සමත් වී තිබෙනවා.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතා සම්මාන හා තිළිණ ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් (22) අරලියගහ මන්දිරයේදී පැවැත් වුණා.

එම තිළිණ ප්‍රදානෝත්සවයට එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පකිස්තානය, මාලදිවයින, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී තරග ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින් ඒ අතර වුණා.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් සංගමයේ සභාපති භාරත් සින්ග්, ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂමන් විජේසූරිය ඇතුළු නිලධාරීන් සහ සම්බන්ධිත රටවල නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.