ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථාන පළමු එක් දින තරඟය අද

ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථාන පළමු එක් දින තරඟය අද

ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟ තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය අද (25) ආරම්භ වනවා.

තරඟාවලියට එක්වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 16කගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නම් කරනු ලැබුවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුනේ සංචිතයෙන් ඉවත්වීමට භානුක රාජපක්ෂ කළ ඉල්ලීමට අවසර ලබා දුන් බවයි.

එක්දින තරගවලින් විවේකයක් ලබා ගතයුතු බවට ඔහු දැනුම්දී ඇති බව එහි දැක්වෙනවා.

මෙම වසර ආරම්භයේ ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගාවලියට එක් වූ ධනංජය ලක්ෂාන්, කසුන් රාජිත, අශේන් බණ්ඩාර සහ ළහිරු කුමාර නැවත සංචිතයට කැදවා තිබෙනවා.

අද තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වනු ඇති.

COMMENTS