අමිතාබ් බච්චන්ට අධිකරණයකින් නියෝගයක්

අමිතාබ් බච්චන්ට අධිකරණයකින් නියෝගයක්

ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ගේ නම, ඡායාරූප සහ හඬ අවසරයකින් තොරව භාවිත කළ නොහැකි බවට දිල්ලි මහාධිකරණය මගින් නියෝගයක් ලබා දී තිබෙනවා.

තම නම, රූපය සහ කඩහඬ මෙන්ම තම පෞරුෂත්වය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් අමිතාබ් බච්චන් ගොනුකළ නඩුවක් අනුවයි දිල්ලි මහාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත්තේ.

සුපිරි නළු අම්තාබ් බච්චන්ගේ නම සහ ඡායාරූප විවිධ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා ඔහුගේ අනුදැනුමකින් තොරව යොදා ගන්නා සිද්ධීන් වාර්තා වී ඇති අතර, එය අවභාවිතයට ගැනීම වැළැක්වීමේ අරමුණින් ඔහු මෙවැනි පියවරක් ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

https://bit.ly/3U2zoxj