හිටපු ජනපති ගෝඨාභයට නොතීසි

හිටපු ජනපති ගෝඨාභයට නොතීසි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් දෙසැම්බර් මස 16 වන දා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි නිකුත් කර තිබේ.

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (24) කැඳවූ අවස්ථාවේදී අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

අදාළ පෙත්සම් මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබේ.

COMMENTS