ලෝකෙම බලා සිටින තරඟය ඔන්න මෙන්න තිබියදී “රොනාල්ඩෝට” තරඟ තහනමක්

ලෝකෙම බලා සිටින තරඟය ඔන්න මෙන්න තිබියදී “රොනාල්ඩෝට” තරඟ තහනමක්

ලෝක පාපන්දු පිටියේ සුපිරි තරුවක වන පෘතුගාල කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එක්වන සුපිරි පාපන්දු ගැටුම අද ඝානාවට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත

ලෝකෙම බලාසිටින එම තරගය ඔන්න මෙන්න තිබියදී විදෙස් මාධ්‍ය වාර්තා කළ පුවතක් වෙත මේ වනවිට පාපන්දු ලෝකයේම අවධානය යොමුව ඇත.

මෙලෙස වාර්තාවන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව දේශීය පාපන්දු තරග 2ක තහනමක් පැනවීම පිළිබඳව පුවතකි.

දේශීය තරගයක් අතරතුරදී පාපන්දු ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකතනයට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරයට ක්‍රිස්ටියානෝ රොනල්ඩෝට දේශීය තරඟ දෙකකට ක්‍රීඩා කරමින් තරග තහනමක් පනවා තිබෙනවා.

රොනාල්ඩෝට එරෙහි එම තරග තහනම ඔහු සහභාගිවන දේශීය තර්ගවලට අදාලව ක්‍රියාත්මක වන අතර එම තරග තහනම ෆීෆා ලෝක කුසලාන තරගාවලියට බල නොපානු ඇත.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නියෝජනය කරන පෘතුගාල කණ්ඩායම සහ ඝානාව අතර තරගයක් අද (24) මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිතයි.

https://bit.ly/3V9v1lt