ලංකාවේ ක්‍රිකට් තරඟ පාවාදීමක් ගැන සොයන්න ICC ලොක්කෙක් දිවයිනට

ලංකාවේ ක්‍රිකට් තරඟ පාවාදීමක් ගැන සොයන්න ICC ලොක්කෙක් දිවයිනට

ඉකුත් පකිස්ථාන ක්‍රිකට් සංචාරයේ තරඟ පාවාදීමක් සිදු වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් කර ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාෂල්ට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව දිවයිනට පැමිණෙන ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අදාල මන්ත්‍රීවරයාගේ චෝදනාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ එහි පාර්ශ්වකරුවන්ගේ කීර්තිනාමයට හානි සිදු වූ බවය.

COMMENTS