භානුක එක්දින සංචිතයෙන් ඉවත්වෙයි

භානුක එක්දින සංචිතයෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ එළඹෙන ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා වන සංචිතයෙන් ඉවත්ව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා කියා සිටියේ, මෙම තරග සංචාරයෙන් පමණක් තමන් මුදා හරින ලෙස භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවයි.

මේ අතර භානුක රාජපක්ෂට දැනට අබුඩාබි හි පැවැත්වෙන T10 තරගාවලියට සහභාගී වීමට විරෝධය පළ නො කිරීමේ සහතිකය ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය දා ප්‍රතික්ෂේප කළා.

COMMENTS