බොර තෙල් මිල පහළට

බොර තෙල් මිල පහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් යළිත් වරක් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල සියයට හතරකට ආසන්න අගයකින් ඊයේ (23) පහළ ගොස් ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 84යි ශත 96ක් ලෙස දැක්වුණු අතර, ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් මිල සටහන් වුණේ ඩොලර් 77යි ශත 76ක් ලෙස යි.

COMMENTS