පාර්ලිමේන්තුවට වග කියන ස්වාධීන විමර්ෂණ කොමිෂන් සභාවක්

පාර්ලිමේන්තුවට වග කියන ස්වාධීන විමර්ෂණ කොමිෂන් සභාවක්

පාර්ලිමේන්තුවට වග කියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ, පසුගිය දා රැස් වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කාරක සභාවේ දී මේ පිළිබඳව අවධානයට යොමු වූ බව යි.

අදාළ කොමිෂන් සභාවට නීති, වෝහාරික විගණන, ගිණුම්කරණ, රාජ්‍ය පරිපාලන ඇතුළු ක්ෂේත්‍රවල වසර 20කට වැඩි පළපුරුද්දක් සහිත පුද්ගලයින් පත් කිරීමට ද එහි දී අවධානය යොමු වී තිබෙනවා.

COMMENTS