ඉන්ෆ්ලුවෙන්සා හා සමාන වෛරස් රෝගයක් දිවයින පුරා

ඉන්ෆ්ලුවෙන්සා හා සමාන වෛරස් රෝගයක් දිවයින පුරා

ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරන්නේ, කොවිඩ් රෝගය හා සැසදීමේ දී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂ ව අවම බව යි.

සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වීමේ අවදානමක් ද පවතින බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව යි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරන්නේ.

රෝගී තත්ත්වය උත්සන්න වීමක් සිදු වන්නේ නම්, පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතු බව වි‍ශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් අවධාරණය කරනවා.