වැඩ පෙන්වන්න බැරි වුණොත් අයින් වෙනවා – චාමර සම්පත්

වැඩ පෙන්වන්න බැරි වුණොත් අයින් වෙනවා – චාමර සම්පත්

ලබන වසර වන විට මැණික් ක්ෂේත්‍රයෙන් රුපියල් මිලියන 500ක ආදායමක් සෙවීමට තමාට හැකි බවත් එසේ නො වුණ හොත් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

අද (23) පාර්ලිමේන්තුවේ දී අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනු යි ඔහු මේ බව කියා සිටියේ.

ඩොලර් බිලියනයකට ආසන්න මැණික් ගල් ප්‍රමාණයක් මේ වන විට රටින් පිට ව ඇති බවත් එහි ආදායම මෙතෙක් රටට ලැබී නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කරනවා.

මේ වසරේ මැණික්වලින් ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 170ක් බවට යි වාර්තා වන්නේ.