චාමිකට අවුරුද්දක් ක්‍රිකට් තහනම්

චාමිකට අවුරුද්දක් ක්‍රිකට් තහනම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ තහනමක් පනවා තිබේ.

ඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාවකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චාමික කරුණාරත්න වරද පිළිගෙන ඇති බවය.

ඒ අනුව චාමික කරුණාරත්න විසින් ඒ හා සමාන වරදක් සිදුකළහොත් අදාළ දඬුවම ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර අත්හිටවූ තරග තහනමට අමතරව චාමික කරුණාරත්නට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් පැනවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මීට ඉහත දී ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරිම් කමිටුවෙන් ලිඛිතව විමසිමක් සිදු කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබුණා.