ගල්වැව සිරිධම්ම හිමිට ඇප

ගල්වැව සිරිධම්ම හිමිට ඇප

නීතිපති විසින් ගොනු කළ මෝසමක් මත අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමිට අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු ව උන්වහන්සේට නිදහස හිමි වනු ඇති.

නීතීඥ ෆසීර් මොහොමඩ් සිරිධම්ම හිමි වෙනුවෙන් පෙනී සිටි බව සඳහන්.

ත්‍රස්ථවාදය වැළැක්වීම යටතේ දින 90ක් රඳවා සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සිටින්නේ, තවමත් රක්ෂිත බන්ධනාගාරයේ යි.

ත්‍රස්ථවාදය වැළැක්වීම යටතේ තිදෙනෙකු රඳවා තැබුණු අතර, මීට පෙර හෂාන් ජීවන්ත ව නිදහස් කෙරුණා.