ප්‍රවීණ රංගන ශිල්පි ඇල්ෆ්‍රඩ් පෙරේරා දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ රංගන ශිල්පි ඇල්ෆ්‍රඩ් පෙරේරා දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ ගුවන් විදුලි නිවේදකයෙකු වන ඇල්ෆ්‍රඩ් පෙරේරා අද (20) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ දළුගම පිහිටි ඔහුගේ නිවසේදීයි. ඉතා ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක් වන විනෝද සමය වැඩසටහනේ නිර්මාතෘ සහ ආරම්භක නිවේදකයා වූයේද ඇල්ෆ්‍රඩ් පෙරේරායි.

ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකයෙකු මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථකයෙකු ලෙසද ඔහු දීර්ඝ කාලයක් කටයුතු කළා.

අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ දළුගම දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.