පස්වරු 5.43 සිට කොළඹට 5.27 සිට යාපනයට වසරේ අවසාන සූර්යග්‍රහණය අද

පස්වරු 5.43 සිට කොළඹට 5.27 සිට යාපනයට වසරේ අවසාන සූර්යග්‍රහණය අද

මෙම වසරේ සිදු වන අවසාන සූර්යග්‍රහණය අද (25) ලෝකවාසීන්ට දැකබලා ගැනීමට හැකියාව පවතිනවා.

එය ලංකාවට දිස්වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙස බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ.

යාපනය ප්‍රදේශයට සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය වන මෙය විනාඩි 22 කාලයක් දැකගත හැකි යි.

එමෙන්ම කොළඹදී එය නිරීක්ෂණය කළ හැකිවන්නේ පස්වරු 5.43 සිට 5.52 දක්වා පමණ යි.

මෙරටදී ග්‍රහණය හොඳින්ම දිස්වනුයේ යාපනය ප්‍රදේශයට වන අතර එය ප.ව. 5.27 සිට නිරීක්ෂණය කළ හැකිය. උපරිම අවස්ථාව ප.ව. 5.46ට ද සිදු වේ. ග්‍රහණ අවසානය ප.ව. 6.20ට සිදුවන මුත් යාපනයට හිරු බැස යාම පස්වරු ප.ව. 5.49ට සිදු වන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 22ක පමණ කාලයක් යාපනයට දිස් වේ.

කෙසේ වෙතත් සූර්යයා බැසයාමට ආසන්න වීම සහ එය උපරිම අවස්ථාව වන විට චන්ද්‍රයාගෙන් සූර්යාගේ මුහුණත වැසෙන්නේ අල්ප ප්‍රමාණයක් වීම හේතුවෙන් මෙම අර්ධ සූර්ය ග්‍රහණය මෙරට ජනතාවට දැක බලා ගැනීම අවම වනු ඇති බව යි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.