තාරකා විද්‍යාව ගැන උනන්දු අයට මෙන්න අවස්ථාවක්

තාරකා විද්‍යාව ගැන උනන්දු අයට මෙන්න අවස්ථාවක්

තාරකා විද්‍යාවේ මූලික සිද්ධාන්ත හා නිරික්ෂණ ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය භාවිත කර සිදුකරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් වැඩමුළුවක් දෙසැම්බර් 10 සහ 11 දිනවලදී පැවැත්වෙනවා.

ඒ, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේදියි. තාරකා විද්‍යා දැනුම් ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්වෙන අතර ඊට වයස අවුරුදු 13ට වැඩි දරු දැරියන් සඳහා අයදුම් පත් යොමු කළ හැකියි.

ඒ අනුව දුරකථන අංක 0112 651 566 අමතා තොරතුරු ලබාගත හැකි අතර, ලබන මස 30 වනදාට පෙර එම අයදුම්පත් යොමු කළ යුතුවෙනවා.